si_uni  ta_uni
TamilEnglish







 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය

අතිගරු ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා

alt

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්

අනුර දිසානායක  මහතා

Sri Lanka NEXT ජාත්‍යන්තර සම්මණ්ත්‍රණයේ ප්‍රථම දිනය සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රධානත්වය යටතේ සංවිධානය කරන ලද 'Sri Lanka NEXT: නීල හරිත යුගයක්" සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය අද දින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරණායක සම්මණ්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද පූර්ව විවෘත කිරීමේ උළෙල සමඟින් ආරම්භ කරන ලදී.  මෙම තුන් දින සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඔක්තෝර්බර් 19 වන දින තෙක් සමාන්තර වැඩමුළු සහ සම්පත්-දායකයන් සම්බන්ධ වන අතුරු රැස්වීම් ගණනාවක් සංවිධානය කර ඇත.  මෙම වැඩමුළු අතර ප්‍රධාන තැනක් ඉසිලුවේ ආසියානු පැසිෆික් අනුවර්තන ජාලය මඟින් සංවිධානය කරන ලද "දේශගුණ විපර්යාසය සෙලිසියස් අංශක දෙකක් අඩු කිරීමට හැකි පරිදි ජීවිත් වීම සඳහා අනුවර්තනය වීම: ප්‍රතිපත්ති සහ  ප්‍රායෝගිකත්වය අතර පරතරය පියවීම" යන තේමාව යටතේ පවත්වනු ලබන  දේශගුණ වෙනස්වීම් කෙරේ අනුවර්තනය වීම පිළිබඳ 5 වන ආසියානු පැසිෆික්  සංසදය යි.

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 18 වෙනි අඟහරුවාදා, 15:37
තව දුරටත් කියවන්න...
 
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද කාර්යයන්

2016 ජුනි මස 05 වෙනි දිනට යෙදුණු  ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල සඳහා සහභාගිවීම

 2016 ජුනි මස 05 වෙනි දිනට යෙදුණු ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල සහ පරිසර සංරක්ෂණ සමුළුව මාතලේ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී. ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙම උත්සවයේදී  පහත සඳහන් ප්‍රකාශනයන්ගේ පළමු පිටපත අතිගරු ජනාධිපතිතුමන්ට  පිරිනමන ලද  අතර පරිසර දිනයට සමගාමිව පහත වැඩමුළු ද සංවිධානය කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 03 වෙනි බදාදා, 12:44
තව දුරටත් කියවන්න...
 
මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම උදෙසා ජෛව විවිධත්වය සංරක්ෂණය හා තිරසාර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය

2016-2017 වසර සඳහා ඉදිරිපත් කරන ලද නව ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර ලබාදීමට අපේක්ෂිත ව්‍යපෘති පිළිබඳ කරුණු වැඩිදියුණු කිරීම හා අවශ්‍ය වන්නාවු උපදෙස්  ලබාදීම සඳහා වැඩමුළුවක් පේරාදෙණීය , ගන්නෝරුව පැළැටි ජාන තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේ 2016 පෙබරවාරි 19 දින පෙ.ව.8.30 සිට ප.ව.5.30 දක්වා  පවත්වන ලදී. 

අවසන් යාවත්කාලීන කිරීම 2016 ජූනි 14 වෙනි අඟහරුවාදා, 14:55
තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

JPAGE_CURRENT_OF_TOTAL