si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව සුපිරිසිදු නිෂ්පාදන
සම්පත් කාර්යක්ෂමතා සහ සුපිරිසුදු නිෂ්පාදන ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම

තිරසර  නොවන පරිභෝජන රටා හේතුවෙන් ස්වාභවික සම්පත් කෙරෙහි ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතී.එනමුදු  සුපිරිසිදු නිෂ්පාදනය ක්‍රියාත්මක කිරීම  මගින් සම්පත් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වැඩිකර  ස්වභාවික සම්පත් ක්ෂයවීම අඩු කර දුෂණය සහ නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකිබව ගෝලීයව පිළිගෙන ඇත. එමෙන්ම මෙය ජාත්‍යන්තර  වෙළඳ පොළ තුළ තරඟකාරී වීම සදහා  කාර්මික හා සේවා අංශ සඳහා පහසුකම් සලසනු ඇත.

ඒ අනුව සුපුරිසිදු නිෂ්පාදනය සදහා වූ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ග වසර 2005 දී ජාතික සුපිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය ඇතුළු සියලු පාර්ශවකරුවන් හා එක්ව සකසන ලදී.මෙම සකසන ලද ජාතික සුපිරිසිදු නිෂ්පාදන ප්‍රතිපත්තියේ අරමුණු වන්නේ තිරසර සංවර්ධනය ලගා කර ගැනීම, පාරිසරික ගුණාත්මකභාවය වැඩි කිරීම, පරිසර කාර්යක්ෂමතාවය වැඩි කිරීම, ජීවන තත්වය උසස් කිරීම හා දිළිදුකම තුරන් කිරීමයි.සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා වූ  සුපුරිසිදු නිෂ්පාදනය ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගය වසර 2007 දී සකසන ලද අතර සංචාරක හා ධීවර ක්ෂේත්‍රයන්  සදහා වූ සුපුරිසිදු නිෂ්පාදනය  ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගය වසර 2008 දීත් කෘෂිකර්ම ක්ෂේත්‍රය සදහා වූ ප්‍රතිපත්තිය හා උපායමාර්ගය වසර 2010 දීත් සකසන ලදී.

මේ  යටතේ  පහත සදහන් ක්‍රියාකාරකම් වසර 2015දි සිදු කරන ලදී.

1.වැවිලි ක්ෂේත්‍රය සදහා සකසන ලද සුපිරිසිදු නිෂ්පාදන කෙටුම්පත වැඩි දියුණු කිරීම සදහා කුඩා වැඩමුළු දෙකක් 21.08.2015 හා 02.12.2015 යන දිනයන්හිදී පවත්වන ලදී.

2. මෙහෙයුම් කමිටු රැස්වීම 29.12.2015 යන දින පවත්වන ලදී.

3.සුපිරිසිදු නිෂ්පාදනය පිළිබද දැනුවත් කිරීමේ පත්‍රිකාවක් මුද්‍රණය කරන ලදී.

 

altalt

කෙටුම්පත වැඩි දියුණු කිරීමට පවත්වන ලද කුඩා වැඩමුළු

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 15:00