si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව අංශයේ කාර්යය භාරය
අංශයේ කාර්යය භාරය

 

  1. අන්තර්ජාතික පාරිසරික සම්මුති, සන්ධාන, ප්‍රකාශන,සහයෝගීතා වැඩසටහන් සහ අන්තර්ජාතික පාරිසරික ආයතන හරහා රටට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම  සම්බන්ධීකරණය.

  2. අන්තර්ජාතික පාරිසරික සම්මුති හා සන්ධාන, සහයෝගිතා වැඩසටහන් වලදී අමාත්‍යාංශය ජාතික කේන්ද්‍රීය ආයතනය වශයෙන් ක්‍රියා කිරීම.

  3. අන්තර්ජාතික පරිසර සම්මුති, සන්ධාන හා අන්තර්ජාතික ආයතන  සඳහා වාර්ෂික දායකත්ව මුදල් නිසිපරිදි ගෙවීමට වගවීම.

  4. ගෝලීය  පාරිසරික පහසුකම (Global Environment Facility-GEF) ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් ක්‍රියාකරමින් කටයුතු  සම්බන්ධීකරණය හා එමඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘති වල ප්‍රගතිය විමසීම.

  5. පාරිසරික ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතන වල දායකත්වය ලබා ගැනීමට මැදිහත් වීම.

  6. SACEP (South Asia Co- Operative Environent Programme) ආයතනය සඳහා ජාතික කේන්ද්‍රීය ස්ථානය මෙන්ම  සත්කාර රට වශයෙන් වගවීම

  7. පරිසර ක්ෂේත්‍රයට අදාලව ජාත්‍යන්තර ආයතන සමඟ අමාත්‍යංශ ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධ කටයුතු සමායෝජනය සම්බන්ධීකරණ.

  8. පරිසරය ක්ෂේත්‍රයට අදාලව  ශ්‍රි ලංකාව අත්සන් කරනු ලබන ද්වී පාර්ශ්වික හා බහු පාර්ශ්වික ගිවිසුම් විමර්ශනය කරමින් නිරීක්ෂණ ලබා දීම මෙන්ම කෙටුම්පත් කිරීම සහ දැනට ක්‍රියාත්මක වන පරිසර ක්ෂේත්‍රයට අදාලව ද්වි/බහු පාර්ශවික ගිවිසුම් නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කිරීම.

  9. ද්වි/බහු පාර්ශවික සාකච්ජා හා සම්මන්ත්‍රණ සඳහා පරිසර ක්ෂේත්‍රටය අදාලව උපදේශනය ලබාදීම හා සම්බන්ධීකරණය.
අවසන් යාවත්කාලීන කිරීම 2018 සැප්තැම්බර් 11 වෙනි අඟහරුවාදා, 11:26