si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව පර්යේෂණ
සමීක්ෂණ

1

හපු‍ගොඩ, ඇල්පිටිය සහ රබ්බෙඩිගල ගම්මාන වල "පුන්තියාස් බන්ධුල" සම්බන්ධ සංරක්ෂන ක්‍රියාත්මක සැලැස්ම පවත්වානෙ යාම සහ නවගල වනයට විතැන් වීම


ප්‍රධාන පරික්ෂක : ආචාර්ය දේවක වීරකෝන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය


සහාය පරීක්ෂකවරු : සම්පත් ගුණතිලක මහතා
IUCN
  තාරක මතුනායක මහතා
කොළඹ
විශ්ව විද්‍යාලය
  හසුලා වික්‍රමසිංහ මිය
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය

"පුන්තියාස් බන්ධුල" යනු මිනිපුර, හපුගොඩ, රබෙද්දිල ගම්මාන වලින් ඇරඹෙන කිලෝමීටර් 2 ක පමණ තීරයක විහිදෙන ඇල ප්‍රදේශයක පතිරී පවතින ඉතා බරපතල ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණපාන කිවුල් දිය මත්ස්‍යයෙකි. මෙම ඇල මාර්ගය මිනිස් වාසයන්ගෙන් වට වී තිබෙන නිසා මෙම විශේෂයන් කෙරෙහි මනුෂ්‍ය මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක පවතී. පසුගිය දශක දෙක තුළ එහි ජනගහනය 90% කින් අඩුව ඇති අතර එහි වත්මන් ජනගහනය පරිනත වැඩිහිටි මත්ස්‍යයන් 200කටත් අඩු සංඛ්‍යාවකි.

2010 දී "පුන්තියාස් බන්ධුල" සම්බන්ධයෙන් වූ වැඩසටහන ඇරඹි අතර පහත අරමුණු අත් කර ගන්නා ලදී.

  • ප්‍රදේශයෙහි එම වර්ගයෙහි විශේෂයන්ගේ වත්මන් තත්ත්වය අධීක්ෂණය
  • පුන්තියාස් බන්ධුල බන්ධුල සම්බන්ධයෙන් පවත්නා ප්‍රදේශය තුළ සහ අවට එම විශේෂය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ කඳවුරු පවත්වා ගෙන යාම
  • එම විශේෂය පවත්නා ප්‍රදේශය තුළ ප්‍රජා පාදක සංරක්ෂණ වැඩසටහන් ස්ථාපනය කිරීම.
  • දෙවන ගහනයක් පිහිටුවීම පිණිස සුදුසු ස්ථානයක් හඳුනා ගැනීම.
  • ගම්මානවල ගෙවතු මිශ්‍ර භෝග වගාවට යොමු කිරීමෙන්, ඉවුරු සහ පෝෂක ප්‍රදේශ ශාක වගාව මගින් ස්ථාවර කිරීමෙවන් ඔවුන්ගේ වාසස්ථානයට අදාල ආර්ථික තත්ත්වය සහ ජෛව විවිධත්වය දියුණු කිරීම.

මෙම ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යාම පිණිස 2011 වසරේදී සිදුකරන්නට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම්

  • අදාල ගම්මාන වල සංරක්ෂණ කටයුතු පවත්වා ගෙන යාම පිණිස ගම්මාන තුනෙහි පරිසර කමිටු වලට දිගටම සහාය දීම.
  • හපුගොඩ හා රබ්බෙඩිගල ගම්මාන වල පුවරු දෙකක් සවි කිරීම.
  • සිටුවා ඇති පැල අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය යැයි හඳුනාගත් ස්ථාන වල තවදුරටත් පැල සිටුවීමට සැපයීම
  • පුන්තියාස් බන්ධුල " ජනගහනය තත්ත්වය පිළිබඳ දිගටම අධීක්ෂණය කිරීම සහ දැන් පවත්නා තත්ත්වය වෙනස් කිරීමට ඇති හැකියාව මත පවත්වාගෙන යන සංරක්ෂණ ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කිරීම.
  • පාසැල් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ගෙන යාම
  • ඇල්පිටිය ජනගහනය පිළිබඳ සොයාගැනීම් වලදී පෙන්නුම් කරන්නේ මෙම විශේෂ වාසය කරන ස්ථානයෙන් පිටත කුඩා ජනගහනයක් වාසය කරන ඇල මාර්ග තිබිය හැකි බවයි.
  • නවගල වන රක්ෂිතයෙහි තමන්ට පැවතිය හැකි ජනගහනයක් ස්ථාපිත කිරීම

2

තෙත් කලාපයෙහි ඇති විය හැකි ආක්‍රමණශීලී ජලජ පැලෑටියක් ලෙස ලුසිවිනියා සෙඩිඔයඩස් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම


ප්‍රධාන පරීක්ෂක :

ආචාර්ය කේ. යකන්දාවල
ගෙවතු වගා සහ භූමි අලංකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

පරිසර පද්ධති වලට සහ ස්වදේශීය ජෛව විවිධත්වයට ආක්‍රමණශීලී පැලෑටි වල ආක්‍රමණය ගෝලීය වශයෙන් තර්ජනයක්ව ඇත. ගෙවතු අලංකරණය හා වෙළඳාම නව කලාප වලට පැලෑටි හඳුන්වා දීමේ වැදගත් ක්‍රමවේදයක් ලෙස ගම්‍ය වේ. සැල්වීනියා සහ ඊතෝනියා ශ්‍රී ලංකාවේ දැකිය හැකි වඩා බහුල ජලජ ආක්‍රමණකාරී ශාක වේ.

ලුසිවිනියා සෙඩිඔයිසිඩ් බහුල ලෙස මොසායික් මල ලෙස හඳුන්වනු ලබන අතර එය දකුණු ඇමෙරිකාවට ආවේණික වන හර්බසියන් පෙරිනියල් පැලෑටියකි. NAQDA ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට අනුව එය බෝ කර අපනයනය කරනු ලබන ජලජ පැලෑටියකි. මෑතකදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ ලුනසිවිනියා සෙඩිමයිඩිල් එල් ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශ වල පැතිර ආක්‍රමණය කොට ඇති බවයි.

එම නිසා මෙම සමීක්ෂණය බස්නාහිර පළාතේ පැතිරුණු සමීක්ෂණයක් ලෙස පවත්වන අතර ලුසිවිනියා සෙඩිඔයිඩ්ස් හි ක්‍රියාකාරිත්වය ව්‍යාප්ත වීමේ ප්‍රමාණය, ව්‍යාප්තවන ක්‍රමවේදය අධ්‍යයනය කිරීම, ව්‍යාප්තිය වැලැක්වීම සඳහා තොරතුරු සැපයීම පිණිස ඇති විය හැකි විෂ උත්පාදක හැකියාවද, එමෙන්ම අනාගතයේදී මෙම පැලෑටිය ජලජ පරිසර පද්ධති වල ආක්‍රමණශීලී පැලෑටියක් වීම වැලැක්වීමට කළමනාකරණ වැඩසටහන් පැවැත්වීමද කරනු ලැබේ.


3

දිය හයසින්ත් මල (එකොහෝනියා ක්‍රැසිප්ස්) පිළිබඳ පරිසර විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක අංශයන්ගෙන් කෙරෙන අධ්‍යයනයක්


ප්‍රධාන පරීක්ෂක :

ප්‍රදීපා පෙරේරා මිය
උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

සහාය පරික්ෂකවරුන් : ආචාර්ය සුදීර රන්වල
පැලෑටි විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
  ආචාර්ය දේවක වීරකෝන්
සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව, ආක්‍රමණශීලී ආගන්තුක විශේෂයන් 30කට අධික ප්‍රමාණයක් වාර්තා වන ජෛව විවිධත්වය අතින් අති විශේෂිත ස්ථානයක් බවට සැලකේ. දිය හයසින්ත් පැලෑටිය ශ්‍රී ලංකාවේ ජලජ පරිසර පද්ධතියෙහි ලැයිස්තුගත වන්නේ එක් නරකම ආක්‍රමණිකයෙකු ලෙසය.

එකෝගෝනියා පැලෑටිය 1905 දී ලංකාවට හඳුන්වා දී ඇත්තේ විසිතුරු පැලෑටියක් ලෙසය. හස්ත සහ ජෛව විද්‍යාත්මක ක්‍රමවේද යොදාගනිමින් පසුගිය අවුරුදු 100 ක් පුරා මෙම විශේෂයන් වඳ කිරීමට ගත් උත්සාහයන් නොසලකා හරිමින් එකොගෝනියා තවමත් අභ්‍යන්තර ජල පද්ධතින්ට අදාල ජලජ පරිසරයන්ට ඉතා දැඩි තර්ජනයක් එල්ල කරමින් දීප ව්‍යාප්ත පැතිරීමක් පෙන්නුම් කරයි. මෙම විශේෂයන් පාලනය කිරීමට අපට ඇති අඩු හැකියාව එක් අතකින් අපගේම පරිසරයෙහි ජෛව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක අංග කෙරෙහි අප තුළ පවත්නා අඩු දැනුම නිසා ඇති වූවකි. එමනිසා ලංකාවේ වැවෙන එසිකොගෝනියා ක්‍රැස්ප්ස් පිළිබඳ සම්පූර්ණ ජෛව සහ පරිසර විද්‍යාත්මක අද්‍යයනයක් ඉතා ඉක්මනින් අවශ්‍ය වන්නේ දත්ත පරතරය සපුරා එහි සාර්ථක පාලනය සහ කළමනාකරණය සංවර්ධනයට සහ ක්‍රමෝපාය ශක්තිමත් කිරීමට අවශ්‍ය බැවිනි.

බොහෝ ආක්‍රමණිකයන්ගේ ඉක්මන් වර්ධනයට පාරිසරික සාධක ඉතා ඉහළ දායකත්වයක් සපයන බව පෙනෙයි. මෙම අධ්‍යයනයේදී එකොසෝනියා ක්‍රැසිප්ස් හි ප්‍රජනන වර්ධනයට අදාල වන ජලයෙහි පවතින කායික - රසායන සහ ජෛව විද්‍යාත්මක බලපෑම තේරුම් ගැනීමට අදහස් කරන අතර මෙම කරුණු එහි සීඝ්‍ර ව්‍යාප්තියට සහ නැවත ජනපදකරණයට බලපාන ආකාරය සලකා බැලීමද සිදුවන්නේ මෙම ආගන්තුක ආක්‍රමණික විශේෂයන් ඉවත් කරන්නේ වඩා ප්‍රතිඵලදායී කලමනාකරණ ක්‍රමවේදයක් ඇති කිරීමේ දීර්ඝකාලීන අරමුණකින් වන නිසාය.


4

වර්ගීකරණ විද්‍යාත්මක පරතර විශ්ලේෂණය සම්බන්ධ ඇගයීම, ව්‍යාප්තිය, මිනිසා මූලිකව ඇති වුණු තර්ජනයන්, සහ හර්පෙනෙෆෝනා සම්බන්ධ සංරක්ෂණ තත්ත්වය


ප්‍රධාන පරීක්ෂක :

එල්. ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මයා,
ශ්‍රී ලංකාවේ හර්පෙටොෆෝනා පදනම

විශේෂ 318 කින් ශ්‍රී ලංකාවේ සිවුපා උරගයින් නියෝජනය වන අතර ඉන් 111 උභය ජීවින්ද 100 සර්පයින් 107 සිවුපා උරගයින්ද වශයෙන් වේ. ඔවුනගේ නිවැරදි කරන ලද මූලාරම්භය සහ තත්ත්වය ඇගයීම පිණිස, සිවුපා උරග විවිධත්වය වැඩි කිරීමට, ඔවුනගේ නිවැරදි ආශ්‍රිත ප්‍රදේශ හඳුනා ගැනීමට. දිවයිනේ ප්‍රධාන කොටස් වල සමීක්ෂණ හිස්තැන් පිරවීමට, මෙම වැදගත් කාණ්ඩයම සම්බන්ධයෙන් අවශ්‍ය සංරක්ෂණ ක්‍රියාත්මක සැලසුම් ක්‍රියාවට නැංවීමට, දැනට පවතින දත්ත නිවරද කිරීමට, යන කරුණු සපුරා ගැනීමට මෙම විශේෂයන් අතර කිසි අධ්‍යයනයක් පවත්වා ගෙන යා යුතුය. ඉලක්කයන් සපුරා ගැනීම පිණිස මෙම අධ්‍යයනයන් ආරක්ෂිත ප්‍රදේශ අනාර්කෂිත ප්‍රදේශ සහ නාවික සැතපුම් 200ක මායිමෙහි සාගරය තුළ දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලැබේ.
මෙම සමීක්ෂණය මගින් පහත දැක්වෙන අරමුණු සපුරා ගැනීමට අදහස් කරයි:

  • IUCN ගෝලීය රතු ලැයිස්තු නිර්නායකයන් යොදා ගනිමින් සංරක්ෂණ තත්ත්වය ඇගයීම, තර්ජනයට ලක් වූ විශේෂ සම්බන්ධ ගෝලීය සහ ජාතික රතු ලැයිස්තු යාවත්කාලීන කිරීම සහ විශේෂ සම්බන්ධ ජාතික දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.
  • තම විශේෂ සම්බන්ධ විස්තර සහ විය හැකි සොයාගැනීම් ඇතුලත් කරමින් වර්ගීකරණය යාවත්කාලීන කිරීම.
  • දැන් පවත්නා ව්‍යාප්ත රටාව සහ වාසස්ථාන අවශ්‍යතා නිර්ණය කිරීම
  • ඔවුනගේ සංරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ දැමීම

5

මාතලේ දිස්ත්‍රික්කයේ වනාන්තර පුනරුත්ථාපන භූමි භාගයෙහි තෝරාගත් වාසභූමි තුනක මී මැසි විශේෂ වල විවිධත්වය


ප්‍රධාන පර්යේෂක :

ආචාර්ය ඩබ්ලිව්. ඒ. අයි. පී. කරුණාරත්න
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ජෛව විද්‍යාත්මක විවිධත්වය යනු මිනිසා මිනිසා වැඩි වැඩියෙන් යැපීමට පෙළඹී ඇති සම්පතකි. ජෛව විවිධත්වය පවත්වාගෙන යාම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාම වැදගත් වන යන්ත්‍රණයක් සේම පෘථිවිය මත ජීවය පවත්වා ගෙන යාම සඳහා ද ඉතා වැදගත් වන්නනක් ලෙස පරාගීකරණය හැඳින්විය හැක. සාවෝ පෝලෝ ප්‍රකාශනයෙහි පරාග වාහකයන් පිළිබඳ ඇති එක් නිර්දේශයක් වන්නේ ඵලදා වර්ධනය සඳහා වනයෙහි වසන පරාග වාහකයන්ගේ මූලාශ්‍ර වශයෙන් කෘෂිකාර්මික පරිසරය තුළ ස්වාභාවික වාස භූමි ආරක්ෂා කරයි. ඉලක්කගත පරිසරයේ වසන පරාග වාහකයන්ගේ සංඛ්‍යාව හා විවිධත්වය අධික්ෂණය කිරීමේ වැදගත්කමද මෙම ලේඛණයෙන් අවධාරණය කර ඇත. ලෝකය පුරා විශේෂ 25,000 කින් පමණ සමන්විත වන මීමැස්සන්, සත්ව පරාග වාහකයන් අතර වැඩිපුරම විවිධත්වයක් ඇති කන්ඩායම ලෙස සැලකේ.

මීමැස්සන් ජීව විද්‍යාත්මක හා පරිසර විද්‍යාත්මක වර්ගීකරණයේදී ඉතා ඉහළ විවිධත්වයක් ඇති නිසාත් ඔවුන්ගේ විශේෂය සතුව ඉහළ පරිසර විද්‍යාත්මක නිරවද්‍යතාවක් ඇති නිසාත් ජීව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව ප්‍රචලිත නිසා හා පහසුවෙන් හඳුනාගැනීමට හැකි නිසාත් පරාග වාහකයන් ලෙස පරිසර පරිසර පද්ධතියට ඔවුන්ගේ කෘත්‍යමය වටිනාකමක් ඇති නිසාත් එමෙන්ම ලෝකය පුරාම කණ්ඩායමක් ලෙස අධ්‍යයනයට ලක්ව ඇති නිසාත් මීමැස්සන් වාසභූමි වල තත්ත්වය පෙන්නුම් කෙරෙන වැදගත් ජීව දර්ශක වේ.

ඉහත කරුණු සලකා බලමින්, වාසභූමි ආකෘතිය සහ ශාඛ වල සංයුතකිය පදනම් කරගෙන, මාතලේ දිස්ත්‍රික්කයේ මාරගමුව වන පුනරුත්ථාපන ව්‍යාපෘතියේ වනාන්තර වර්ග තුනක් තුළ මීමැස්සන්ගේ විවිධත්වය තක්සේරු කිරීම සඳහා ඉහත අධ්‍යයනය සිදු කර ඇත.


6

ශ්‍රී ලංකාවේ නම ඕකිඩ් විශේෂ අධ්‍යයනය හා විස්තර කිරීම


ප්‍රධාන පර්යේෂක :

අජන්ත පලිහවඩන මහතා

විශේෂ 65කින් සමන්විත වන ඕකිඩ් කුලයක් වන නර්වීලියා හි විශේෂ 6 ක් ඕස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන අතර 2 ක් හෝ 3 ක් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සේ ම අනෙකුත් විශේෂ, ඉන්දියාවේ 16 ක් සහිතව, අනෙකුත් නිවර්තන ආසියානු රටවල පැතිර ඇති අතර උතුරු අප්‍රිකාවේ විශේෂ 5 ක් දක්නට ඇත. මෙම කුලය පාංශු තත්ත්ව දර්ශකයක් ලෙස ඉතා වැදගත් වන්නේ එය අනෙකුත් ශාක හා පැලෑටි සමග සහජීවනයෙන් වෙසෙන හෙයිනි. මෙහි ජීවන චක්‍රයෙන් කොටසක් පොළව යට ගෙවෙන අතර පත්‍ර හා පුෂ්ප වර්ධනය වන කාලයට පොළොවෙන් ඉහළට මතු වී පවතියි.

ජීව විද්‍යාත්මක වර්ගීකරණයේදී ගැටළු මතු කරන මෙම කුලය පිළිබඳ ඇති අවබෝධය තවමත් අඩු මට්ටමක පවතින්නේ පොලොවෙන් ඉහළට මතුවන මේවායේ තනි පුෂ්ප සමූහය හෝ තනි පත්‍රය, වර්ධනය වන සමය තුළ විවිධ කාල වලට පොලොවෙන් ඉහළට මතු වන නිසා බොහෝ විට මෙම කුලයේ ශාක එකතු , අසම්පූර්ණ එකතු වීම හේතුවෙනි.

අධ්‍යයනයේ අරමුණු හා පරමාර්ථ

නව ඕකිඩ් විශේෂ දෙකක් අධ්‍යයනය කර විස්තර කිරීම හා අමතර විශේෂ තුනක් අධ්‍යයනය කිරීම
IUCN ගෝලීය රතු ලැයිස්තු නිර්ණායක අනුව මෙම විශේෂයන්හි සංරක්ෂණ තත්ත්වය තක්සේරු කිරීම සහ තර්ජනයට මුහුණ පා ඇති විශේෂයන් පිළිබඳව තොරතුරු ජාතික හා ගෝලීය රතු ලැයිස්තුවට ඇතුල් කර ඒවා යාවත්කාලීන කිරීම


7

දම් මුහුණැති කොළ වඳුරාගේ ව්‍යාප්තිය හා සමාජ හැසිරීම


ප්‍රධාන පරීක්ෂක :

ශ්‍රියානි වික්‍රමසිංහ

දම්පහ මුහුණැති කොල වඳුරන් ලංකාවේදී පමණක් හමුවේ. දම් මුහුණැති කොළ වඳුරු උප විශේෂ 4 ක් ( මෙවුලන්, පිල්බ්‍රිකි, ටොන්ටිකාලෝ, තෙස්ට) වර්තමානයේ හඳනාගැනෙන අතර කෞතුකාගාර නිදර්ශකයක් ආශ්‍රිතව පස් වැනි උප විශේෂයක් ( හාටි) හඳුනා ගැනේ.

(දැරණියගල, 1995 නොතාරිස් සහ ද සිල්වා, 2008) මින් ඉතා දැඩිව වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බටහිර දම් පැහැ මුහුණැති වඳුරා ඉතා අඩුවෙන් අධ්‍යයනයට ලක් වූ මෙන්ම එම විශේෂය ඉතා දැඩිව වඳව යාමේ තර්ජනයට ලක්ව සිටින ප්‍රතිමේවා විශේෂ 25 ක් ඉහළම තැනක ලැයිස්තුගත කොට ඇත. (මිටර්මෙරියර් - 2001)
මෙම ව්‍යාපෘතියෙහි සාමාන්‍ය අරමුණ වන්නේ ආවේනික දම් මුහුණැති කොළ වඳුරාගේ පරිසර විද්‍යාත්මක අවශ්‍යතාවන් අර්ථකථනය කිරිම සහ තෝරාගත් ප්‍රදේශ වල ඔවුන්ගේ ව්‍යාප්තිය සොයා බැලීමයි. (රිටිගල කඳුවැටිය සහ මිහින්තලේ අභයභූමිය)

 


විශේෂිත අරමුණු වන්නේ
  • දම් මුහුණැති කොළ වඳුරා ආශ්‍රිතව අවකාශමය සහ කාලීන වශයෙන් වාසස්ථාන සහ ආහාර තෝරාගැනීම් සම්බන්ධ විශ්ලේෂණය
  • වඳුරු කණ්ඩායම් වල තොරතුරු දත්ත එකතු කිරීම මගින් වෙනස්වන වාසස්ථාන වලට ඔවුන් දක්වන ප්‍රතිචාර පෙර කීම සහ තීරණය කිරීම
  • කණ්ඩායම් වශයෙන් ආහාර ගැනීමේදී දම් මුහුණැති කොළ වඳුරාගේ ක්‍රියාකාරිත්වය තීරණය කිරීම සහ එම ප්‍රදේශයේ ජීවත් වන වෙනත් ප්‍රධිමේවාවන් හා පවතින සම්බන්ධතාවය
  • වන තිර වල ත්‍රිමාන ව්‍යුහය සහ උද්භිද විද්‍යාත්මක සංයුතිය මැනීම
  • මිහින්තලේ සහ රිටිගල ප්‍රදේශ වල දම් මුහුණැති කොළ වඳුරාගේ ව්‍යාප්තිය සහ බහුලත්වය අධ්‍යයනය කිරීම
අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 15:59