si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News 2018 වසරේ ජෛවවිවිධත්ව අංශයේ වැඩසටහන්
2018 වසරේ ජෛවවිවිධත්ව අංශයේ වැඩසටහන්
  1. .ජාතික රතු දත්ත ලැයිස්තුව යාවත්කාලීන කිරීම - ගොඩ බෙල්ලන් හා  මුහුදු ක්ෂීරපායින් පිළිබඳ සත්ව කාණ්ඩ විද්වත් කමිටු රැස්වීම්.

 

ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය විසින් 2018  ජාතික රතු දත්ත ලැයිස්තුව යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය සඳහා සත්ව කාණ්ඩ දත්ත ගබඩාව සඳහා දත්ත එක්රැස් කිරීම හා යාවත්කාලීන කිරීම ආරම්භ කොට ඇත. මේ සඳහා පුර්ව අවශ්‍යතාවයක් ලෙසත්  දත්ත යාවත්කාලීන කිරීමට සමගාමීව සත්ව කාණ්ඩ විද්වත් කමිටු සාකච්ඡා මාලාවක් සිදුකල යුතුව ඇති අතර එහි 6වන හා 7වන සාකච්ඡා ලෙස ගොඩ බෙල්ලන් හා  මුහුදු ක්ෂීරපායින් පිළිබඳ සත්ව කාණ්ඩ විද්වත් කමිටු රැස්වීම් පිළිවෙලින් 2018.03.28 හා 2018.04.03 දිනයන්හි අප අමාත්‍යාංශයේදි  පැවැත්විණි. මේ සඳහා ගොඩ බෙල්ලන් හා  මුහුදු ක්ෂීරපායින් පිළිබඳ විද්වතුන්, රතු දත්ත ලැයිස්තුව සත්ව ඇගැයිම් කමිටුවෙහි ප්‍රධාන උපදේශක හා ජෛවවිවිධත්ව අංශයේ  නිළධාරීන් සහභාගිවුණි. මෙම විද්වත් කමිටු සාකච්ඡා දෙකෙහි ප්‍රතිඵල ලෙස ගොඩ බෙල්ලන් හා  මුහුදු ක්ෂීරපායින්ගේ විශේෂ ලැයිස්තුව යාවත්කාලීන කිරීම, එම සත්ව කාණ්ඩයන්හි පවතින වර්ගීකරණ හා සම්බන්ධ විද්‍යාත්මක කරුණු නිරාවරණය හා දත්ත එක්රැස් කිරීම පිළිබඳ ඉදිරි වැඩකටයුතු තීරණය කරන ලදි.

02). පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ කෑගල්ල අධ්‍යාපන කලාපය තුල සමනල උද්‍යාන 05ක් ඉදිකිරීම.

සමනල උයන් ස්ථාපනය යනු සමනල් සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම යටතේ දක්වා ඇති ප්‍රමුඛතාව දක්වා ඇති ස්ථානීය සංරක්ෂණ ක්‍රමයකි. පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ දේශීය සමනල් විශේෂ පරිරක්ෂණය සඳහා අවශ්‍යය මුල්‍යය ප්‍රතිපාදන  වෙන්කර තිබුණි. 2018 ලෝක පරිසර දින සැමරුම් උළෙල කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට පැවැත්වූ අතර ඒ යටතේ සමනල උයන් ස්ථාපනය දීර්ඝකාලීන ක්‍රියානාරකමක් ලෙස හඳුනාගන්නා ලදී. ඒ අනුව කෑගල්ල අධ්‍යාපන කලාපයේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය, කෑ/දැදි/කහබිලියාව මහා විද්‍යාලය-අලව්ව, කෑ/දැදි/පැරකුම්බා මහා විද්‍යාලය-දැදිගම, කෑ/බොස්සැල්ල මහා විද්‍යාලය -බොස්සැල්ල හා කෑ/කෑගලු බාලිකා විද්‍යාලය -කෑගල්ල යන තෝරාගත් පාසැල් 05ක් සඳහා සමනල උයන් 5ක්  ස්ථාපනය 2018 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් තුල සිදු කරන ලදී. සමනල් ගහණය වර්ධනය කරමින් වඳවීයන සමනල් විශේෂ සංරක්ෂණය සඳහා ඉහත සමනල උයන් ස්ථාපනයට පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනින් මූල්‍යය ප්‍රතිපාදන ලබාදුන් අතර, ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මගින් අවශ්‍යය තාක්ෂණික දැනුමද, සම්බන්ධීකරණ කටයුතු කෑගල්ල ගුරු මධ්‍යස්ථානය හා මූලික ඉදිකිරීම් හා නඩත්තු කටයුතු අදාල පාසල් මගින්ද සිඳුකරන ලදී.

 

                         

                   කෑගල්ල අධ්‍යාපන කලාපයේ සමනල් උද්‍යාන ඉදිකිරීම හා සම්බන්ද රූපරාමු.

 

03). පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ සමනල් උයන් ඉදිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩමුළු දෙකක් පැවැත්වීම.

සමනල් උද්‍යාන ඉදිකිරීමට සමගාමීව කෑගල්ල අධ්‍යාපන කලාපයේ ඒ සඳහා තෝරාගත්  පාසල් 05හි ගුරු භවතුන් හා සිසු දරුවන් 30ක් සඳහා සමනල් උයන් ඉදිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳ පුහුණු වැඩමුළු 02ක් පැවැත්විණි. මෙහි පළමු දැනුවත් කිරීමේ වැඩමුළුව “සමනල උයනක් සාදාගන්නේ කෙසේද? ” යන මැයෙන් 2018.09.17 දින කෑගලු බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ. දෙවන වැඩසටහන ”සමනල උයනක් නඩත්තු කරන්නේ කෙසේද?“ යන මැයෙන් ක්ෂේත්‍ර වැඩමුළුවක් ආකාරයෙන් 2018.12.01 දින මොරටුව පිහිටි ඩිල්මා - එම්.ජේ.එෆ් හි සමනල් උයන කේන්ද්‍රෙකාට පැවැත්විණි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට විෂය ක්ෂේත්‍රයට අදාලව විද්වතුන් හා ක්ෂේත්‍ර උපදේශකයන් සහභාගි වෙන ලදී.


           

සමනල උයනක් සාදාගන්නේ කෙසේද? ” දැනුවත් කිරීමේ වැඩමුළුවෙහි අවස්ථා.

 

”සමනල උයනක් නඩත්තු කරන්නේ කෙසේද?“ ක්ෂේත්‍ර පුහුණු වැඩමුළු ඩිල්මා - එම්.ජේ.එෆ් ආයතනය මොරටුව.

 

04). පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.

සමනල් උද්‍යාන ඉදිකිරීමට සමගාමීව කෑගල්ල අධ්‍යාපන කලාපයේ ඒ සඳහා තෝරාගත්  පාසල් 05හි ගුරු භවතුන් හා සිසු දරුවන් 100ක් සඳහා “ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්ෂණය“   පිළිබඳ පුහුණු වැඩමුළුව  2018. 12. 26 දින කෑගලු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්, කෘමිවිද්‍යාඥයින් හා ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ දේශන ඇතුලත් තාක්ෂණික සැසියක්ද, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ක්ෂේත්‍ර අධ්‍යනයක් පැවැත්වූ අතර  මෙහිදී සමනල උයන් ස්ථාපිත පාසල් වෙත සමනලුන් හඳුනාගැනීමේ මාර්ග උපදේශන ඇතුලත් ඉතා වටිනා පොත් කට්ටල පරිත්‍යාග කිරීමක්ද ‍ සිදුකෙරිණි.

 

ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්ෂණය“   පිළිබඳ වැඩමුළුවෙහි අවස්ථා කිහිපයක්.