si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

ජෛවවිවධත්ව සම්මුතියේ එකඟතාවන්ට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මඟින් 2016-2022 කාලසීමාව සදහා ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී.

මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ජාතික සම්බන්ධීකාරක ලෙස ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ ජෛවවිවධත්ව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය, රාජ්‍ය නොවන, පුද්ගලික අංශ නිලධාරීන් මෙම උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වනු ලැබේ.

ඒ අනුව, 2019.03.14 වන දින ජාතික ජෛවවිවධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය, රාජ්‍ය නොවන, පුද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ . මේ සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මැතිතුමා, ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය ඇතළු නිලධාරීන්, මහනුවර දිස්ත්‍රික්කයේ ඇති සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා/තුමියන්ලා, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශ නිලධාරීන් සහභාගී විය.

මෙම වැඩමුළුව සඳහා හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා සහ ආචාර්ය ජිනී දෑල මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මේ සඳහා 80ට අධික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

 

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2019 අප්‍රේල් 08 වෙනි සදුදා, 14:48