si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව All News කෘෂිකර්ම අමාත්‍යාංශය සමග පවත්වන දේශගුණික විපර්යාස පිළිබඳ කොටස්කරුවන්ගේ උපදේශක රැස්වීම
කෘෂිකර්ම අමාත්‍යාංශය සමග පවත්වන දේශගුණික විපර්යාස පිළිබඳ කොටස්කරුවන්ගේ උපදේශක රැස්වීම

මෙම රැස්වීම, ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ සහ පරිසර අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් 2012 පෙබරවාරි මස 10 වන දින පෙ.ව. 9.30ට පරිසර අමාත්‍යාංශයේ සම්මේලන කාමරයේදී පැවැත්විණි.

රැස්වීමේ අරමුණ

  • දේශගුණික විපර්යාස තුළින් කෘෂිකාර්මික  ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ක්ෂේත්‍රෙය් නිලධාරින් දැනුවත් කිරීම.
  • පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් සමග එක්ව කටයුතු කිරීම සඳහා පදනමක් පිහිටුවා ගැනීම.
  • ජාතික දේශගුණික විපර්යාස  ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාව සඳහා වන ජාතික  අනුගතවීමේ  ක්‍රමෝපාය  පිළිබඳ දැනුවත් කිරීම
  • ජාතික දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය සහ ජාතික අනුගතවීමේ  ක්‍රමෝපාය මත පදනම්ව, කෘෂිකර්මය ඇතුළු කරමින් ශ්‍රී ලංකාව සඳහා වන ජාතික දේශගුණික විපර්යාස වලට අනුගතවීමේ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම.