si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව අභියාචන ක්‍රියාපටිපාටිය
අභියාචනා ක‍්‍රියා පටිපාටිය

2

තෙත් කලාපයේ ආක‍්‍රමණශීලී ජලජ පැලෑටියක් වීමට ඉඩ ඇති ලූඩ්විගියා සීඩියෝඞීස් (Ludwigia Sediodes) පිළිබඳ විමර්ශණය කිරීම

අධිකාරිය හෝ වෙනත් කිසියම් දෙපාර්තමේනතුවක්, සංස්ථාවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක්, පළාත් පාලන ආයතනයක් හෝ අධිකාරිය විසින් (මින් පසු මෙම රෙගුලාසිවල පනත නමින් හඳුන්වන* 1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 26 වෙනි වගන්තියට අනුව සහ ඒ යටතේ පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් නිකුත් කිරීමට, අත්හිටුවීමට, අලූත් කිරීමට හෝ අවලංගු කිරීමට බලය පවරන ලද රජයේ නිලධාරියෙක් විසින් හෝ එකී පනතේ 23 ආ හෝ 23 ඈ වගන්ති යටතේ එවැනි බලපත‍්‍රයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම, අළුත් කිරීමට ප‍්‍රතික්ෂේප කිරීම, අත්හිටුවීම හෝ අවලංගු කිරීමට එරෙහි අභියාචනා සම්බන්ධයෙන් මෙම රෙගුලාසි අදාළ වේ.
පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම, අලූත් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම, අත්හිටුවීම හෝ අවලංගු කිරීමට එරෙහි 23 ඉ වගන්තිය යටතේ වන අභියාචනා, එසේ අභියාචනය ඉදිරිපත් කිරීමට අදාළවූ තීරණය දැනුම් දීමේ දිනෙන් පසු දින 30 ක් ඇතුළත, පරිසර විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වෙත පැමිණිලි කළ යුතුයි.
මෙම රෙගුලාසි අදාළ වන සෑම අභියාචනයක්ම, ලිඛිතව ඉදිරිපත් කළ යුතු මෙන්ම අභියාචකයා විසින් අත්සන් කර තිබිය යුතු අතර අභියාචකයා පුද්ගල සංවිධානයක් නම් එහි අධ්‍යක්‍ෂ, ලේකම් හෝ එම සංවිධානයේ වෙනත් බලය පවරන ලද නිලධාරියෙකු අත්සන් කළ යුතුයි.

(ආ) දිනය යොදා නියම කර ඇති කාලය ඇතුළත අමාත්‍යාංශයේ ලේකම් වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුයි.

(ඇ) පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අදාළ තීරණයෙහි පිටපතක් අමුණා තිබිය යුතුයි.

(ඈ) අභියාචනය ඉදිරිපත් කිරීමට පාදක වූ කරුණු සුදුසු පරිදි අංක කරන ලද ඡේදවලින් කෙටියෙන් පෙන්වා දිය යුතුයි.

(ඉ) අභියාචකයා බලාපොරොත්තුවන සහනය කුමක්ද යන්න කෙටියෙන් සඳහන් කළ යුතුයි.

(ඊ) අධිකාරිය, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන ආයතන හෝ රජයේ නිලධාරීන් විසින් පවත්වන ලද විභාග කිරීමකට හෝ විමර්ශණයකට පාර්ශවකරුවන් වූ කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල සංවිධාන වේ නම් ඔවුන්ගේ නම සහ ලිපිනයන් සඳහන් කළ යුතුයි.

(ii) කිසියම් අභියාචනයක් 3(1) රෙගුලාසියේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූල නොවේ නම් එකී අවශ්‍යතාවයන් ඉටු කරන තුරු එම අභියාචනය සම්බන්ධයෙන් ක‍්‍රියා නොකළ යුතුයි. එසේ අනුකූල නොවීම පිළිබඳ අභායාචනය ඉදිරිපත් කරන්නාට ලේකම් විසින් ලිඛිතව දැනුම් දිය යුතු අතර එම දැනුම් දීමෙහි නියම කර ඇති කාලය ඇතුළත හෝ ඉල්ලීම මත ලේකම් විසින් එවැනි දික් කරන ලද කාලය ඇතුළත එම ප‍්‍රමාද දෝෂය නිවැරදි කිරීමට අභියාචකයා අසමත් වේ නම් ලේකම් විසින් එම අභියාචනය ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

ලැබෙන සියළුම අභියාචනා තත් කාර්යය සඳහා ලේකම් විසින් පවත්වාගෙන යනු ලබන ලේඛනයෙහි ඇතුළත් කළ යුතුයි. එවැනි ලේඛනයක් හෝ එයින් උපුටා ගත් කොටසක් ලේකම් විසින් සුදුසු පරිදි සහතික කළ විට එය පරිසර විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේදී ඕනෑම වැඩකරන දිනයකදී මහජනයාට පරීක්‍ෂාකිරීමට ඉඩ ලැබෙන පොදු ලියවිල්ලක් වන්නේය.

අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු, ලේකම්වරයා විසින් අධිකාරියෙන්, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන ආයතන හේ රජයේ නිලධාරියාගෙන් අවස්ථාවෝචිත පරිදි එම අභියාචනයට භාජනය වී ඇති තීරණයට අදාළ සම්පූර්ණ වාර්තාවක් කැඳවිය යුතු අතර ඔවුන් විසින් එකී කරුණු ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි.

  ඉන් පසු ලේකම් විසින් අභියාචනයෙන් නම් සහ ලිපිනයන් සඳහන් කර ඇති පුද්ගලයින්ට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ලිඛිතව දැනුම් දී එසේ දැනුම් දීම කරන ලද දින සිට වැඩ කරන දින 10 ක කාලයක් ඇතුළත තම කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අතර එකී කාලය ඇතුළත අභියාචනයට විරුද්ධව ඇති ලිඛිත විරෝධතා හෝ විවවේචන භාර ගන්නා බවද ලේකම් විසින් එකී පුද්ගලයින්ට දැනුම් දිය යුතුය.

කෙසේ වෙතත්, අභියාචනයේ සඳහන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් ඉකමවා යන විට, ලේකම් විසින් තම අභිමතය පරිදි ඉංග‍්‍රීසි, සිංහල, හෝ දෙමළ පුවත්පතක එය ප‍්‍රසිද්ධ කළ හැක.
7 වෙනි රෙගුලාසියෙන් දක්වා ඇති කාල පරිච්ඡේදය අවසානයේ, ලේකම් විසින් තම අභිමතය පරිදි, අභියාචකයාට සහ 6 වෙනි රෙගුලාසිය යටතේ විරෝධතා හෝ විවේචන ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ට දැනුම් දීමෙහි සඳහන් කරනු ලබන දිනයක සහ වෙලාවක අභියාචනය සම්බන්ධ විධිමත් විභාග කිරීමක් සඳහා තමා ඉදිරියේ පෙනී සිටින ලෙසට දැනුම් දිය යුතුයි.
අභියාචකයා හෝ දැනුම්දීම කර ඇති වෙනත් පුදගලයෙකු නීතිඥයෙකු මගින් හෝ සුදුසු පරිදි ලිඛිත බලය පැවරූ වෙනත් පුද්ගලයෙකු මගින් හෝ නියෝජනය කරනු ලැබිය හැක.
ලේකම් විසින් අධිකාරියට, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන ආයතන හේ රජයේ නිලධාරියාට අවස්ථාවෝචිත පරිදි එම අභියාචනය සම්බන්ධයෙන් අදහස් හෝ නිරීක්‍ෂණ ඉදිරිපත් කරන ලෙසටත්, කිසියම් විභාග කිරීමක් සිදුවන අවස්ථාවක ඔවුන් පෙනී සිට සුදුසු ලෙස ලිඛිත බලය පවරන ලද නිධාරියෙකු, නීතිඥයෙකු හෝ නීතිපති මගින් කරුණු ඉදිපත් කිරීම අවශ්‍ය බවටත්, දැනුම් දිය යුතුයි.
එම විභාග කිරීම අවසානයේ, එසේ අවසන් වී සතියක කාලයක් ඇතුළත ලේකම් විසින් අභියාචනය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු අතර එම තීරණය එම තීරණය ගැනීමට හේතු සමග අභියාචකයාට, අභියාචනයේ සඳහන් කර ඇති සියළුම පුද්ගලයින්ට සහ අවස්ථාවෝචිත පරිදි අධිකාරියට, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන ආයතන හේ රජයේ නිලධාරියාට ලිඛිතව දැනුම් දිය යුතුය.
සෑම අභියාචනයක් සඳහාම ලේකම් විසින් ජර්නලයක් පවත්වාගෙන යා යුතු අතර අභියාචනය සම්බන්ධයෙන් ගත් තීරණය ගැනීමට හේතු වාර්තා කර තැබිය යුතුයි. 11 වෙනි රෙගුලාසිය යටතේ තීරණය එම තීරණය ගැනීමට හේතු සමග දැනුම්දිය යුතුයි.
අභියාචනය සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා තමාට උපදෙස් දීමට අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෙනත් සුදුසු පුද්ගලයින්ගෙන් සමන්විත අභියාචනා උපදේශක කමිටුවක් ලේකම් විසින් පත් කළ හැක. එම විෂය කරුණ සම්බන්ධයෙන් කිසියම් උනන්දුවක් තිබෙන පුද්ගලයෙකු හෝ අභියාචනයට පාර්ශවකරුවෙකු වන කිසිදු පුද්ගලයෙකු හෝ පත් නොකළ යුතුයි. අභියාචනා උපදේශන කමිටුවේ සාමාජිකයින්ට විභාග කිරීම සිදුවන අවස්ථාවේ පෙනී සිටීමට හිමිකම ඇති අතර විභාග කිරීම අතරතුරදී ලේකම් විසින් උපදෙස් ගැනීම සිදු කළ හැකියි. එකී කමිටුවේ සාමාජිකයින් විසින් දෙනු ලබන සියළුම හෝ කිසියම් හෝ උපදේශයක් අනුව කටයුතු කිරීමට ලේකම් බැඳී නැත.

මෙම රෙගුලාසිවල පද සම්බන්ධය අනුව අන්‍යාකාරයකින් නියම නොකරන්නේ නම්:-

(අ) පනත යන්නෙන් කලින් කල සංශෝධනය කර ඇති පරිදි 1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යන්න අදහස් කෙරේ.

  (ආ) අධිකාරිය යන්නෙන් 1980 අංක 47 දරණ පනතින් පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරිය යන්න අදහස් කෙරේ.

2.a.ii.

පතල් සහ ඛනිජ පනතේ 39 වෙනි වගන්තිය යටතේ අභියාචනා ක‍්‍රියා පටිපාටිය

කාර්යාංශයේ තීරණය නිසා පීඩාවට පත් ඉල්ලූම්කරු හෝ බලපත‍්‍රලාභියා, අවස්ථාවෝචිතව, තමාට එම තීරණය දැනුම් දුන් දින සිට දින 14 ක කාලයක් ඇතුළත එම තීරණයට විරුද්ධව එම විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වෙත අභියාචනය කළ යුතුයි.


2.a.iii.

මැණික් හා ස්වර්ණාභරණ පනතේ 15 වෙනි වගන්තිය යටතේ අභියාචනා ක‍්‍රියා පටිපාටිය

අධිකාරියේ තීරණය නිසා පීඩාවට පත් ඉල්ලූම්කරු හෝ බලපත‍්‍රලාභියා, අවස්ථාවෝචිතව, තමාට එම තීරණය දැනුම් දුන් දින සිට දින 30 ක කාලයක් ඇතුළත එම තීරණයට විරුද්ධව එම විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වෙත අභියාචනය කළ යුතුයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 11:46