si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව වගකීම්
වගකීම්

අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය

ස්වයං පාරිසරික වගකීම ඇති කිරීම වෙනුවෙන් විවිධ කොට්ඨාශ වල ජනතාව අතර පරිසරය හා ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය සම්බන්ධ වේ. 

වගකීම්

  • අමාත්‍යාංශය සඳහා පාරිසරික දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රමෝපායන් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම හා කලින් කලට සංශෝධන සිදුකිරීම.
  • පරිසර හා ස්වාභාවික සම්පත් ප්‍රතිපත්ති සංශෝධන සහ අනෙකුත් ප්‍රධාන පාරිසරික මූලාරම්භයන් හා සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පාරිසරික අධ්‍යාපනය හා දැනුවත් භාවය ඇති කිරීම.
  • 21 වන න්‍යාය පත්‍රයේ 36 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇති ආකාරයට මහජනතාව අතර පරිසරය පිළිබඳ ස්වයං වගකීමක් ඇති කිරීම සඳහා පාරිසරික අධ්‍යාපනය, තිරසාර සංවර්ධනය කෙරෙහි යලි මෙහෙයවීම
  • ආංශික නියෝජිත වැඩසටහන් වල පාරිසරික තොරතුරු අවශ්‍යතාවය සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
  • පාරිසරික වශයෙන් වැදගත් වන ජාතික හා ජාත්‍යන්තර දින සැමරීම
  • පරිසර හා ස්වභාවික සම්පත් හා සම්බන්ධ තොරතුරු සැලසුම් කිරීම / එක් රැස් කිරීම / සකස් කරීම හා ලේඛණගත කිරීම
  • වෙබ් අඩවි, පුස්තකාල පහසුකම් හා ලේඛණගත කිරීම ආදිය මගින් පරිසරය හා ස්වාභාවික සම්පත් පිළිබඳ තොරතුරු ලබාගැනීමට මහජනතාවට ප්‍රවේශයක් ලබා දීම .,
  • පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් / ව්‍යාපාර හා තරඟ ආදිය සඳහා ඊට අදාළ කොටස්කරුවන්ගේ සහභාගිත්වය ලබාගැනීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීම .,
  • විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා අමාත්‍යාංශ කටයුතු සඳහා ප්‍රචාරණ වැඩසටහන් සකස් කිරීම
  • පරිසර හා ස්වාභාවික සම්පත් සම්බන්ධ මහජන ගැටලුවලට ප්‍රතිචාර සැපයීම
අවසන් යාවත්කාලීන කිරීම 2016 දෙසැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 12:27