si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව සංක්ෂිප්ත කාර්යසාධන සටහන
සංක්ෂිප්ත කාර්යසාධන සටහන - භෞතික 2011
  1. සොභා සඟරාවේ නිකුතු දෙකක් මුද්‍රණය කිරිම
    දීප ව්‍යාප්තව ප්‍රචලිත "සොබා" සඟරාවේ පිටපත් 2500 මුද්‍රණය කරන ලදී. මෙම සගරාව පාස්ල, විශ්ව විද්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධාන / ප්‍රජා මූලික සංවිධාන ක්‍රියාකාරීන් ආදී වූ විවිධ ආයන හා නොයෙකුත් පුද්ගලයන් අතරේ නොමිලේ බෙදා හරිනු ලැබේ.
     
  2. අමාත්‍යාංශ පුස්තකාලයට ප්‍රකාශන මිලදී ගැනීම
    පුස්තකාලය සඳහා ග්‍රන්ථ 166 ක් මිලදී ගන්නා ලදී. මෙම එකතුවට බැහැර ගෙන යාමට අවසර නොදෙන පොත් එකතුවක් සහ දෙමළ භාෂාව ඉගනුම් පොත් ආදිය ඇතුලත් වේ. පුවත්පත් 04 ක් හා සඟරා දෙකක් සඳහා වාර්ෂික ගාස්තු ගෙවන ලදී. පොත් 3000 ක් සඳහා පුස්තකාල සංවිධාන ද්‍රව්‍ය ලෙස පොත් රඳවන, කාඩ්පත් ආදිය මිලට ගන්නා ලදී.
     
  3. පරිසරයට සම්බන්ධ මාතෘකා සඳහා පත්‍රිකා මුද්‍රණය කිරීම
    දැයට සෙවණ වැඩසටහන යටතේ අත්පත්‍රිකා පිටපත් 100,000 ක් මුද්‍රණය කරන ලදී. ඒවා ඉල්ලුම් කරන ලද පුද්ගලයන් හා ආයතන අතර දීපව්‍යාප්තව නොමිලේ බෙදා හරින ලදී.
     
  4. පරිසරය පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම
    දැයට සෙවන වැඩසටහන පිළිබඳ එක් වාර්තාමය චිත්‍රපටියක් නිෂ්පාදනය කරන ලදී.
     
  5. රූපවාහිනී වැඩසටහන්
    දැයට සෙවන වැඩසටහන යටතේ හඳුන්වාදීම සඳහා වන කෙටි ප්‍රචාරණ වැඩසටහන් 02 ක් නිෂ්පාදනය කරන ලදී.
     
  6. ගුවන්විදුලි වැඩසටහන
    දැයට සෙවන වැඩසටහන යටතේ කෙටි හඳුන්වා දීම් දෙකක් නිර්මාණය කරන ලදී.
     
  7. දැයට සෙවන ජාතික රුක් රෝපණ වැඩසටහන

    අ. බැනර් මුද්‍රණය කිරීම
    8'X7' ප්‍රමාණයට බැනර් 3000 ක් මුද්‍රණය කරන ලදී. තිරසාර සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන වලින් මුලු වියදම දරන ලදී.

    ආ. පුවත්පත් අතිරේක මුද්‍රණය කිරීම
    මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් 7 කට පුවත්පත් අතිරේක නිකුත් කරන ලදී.
     
  8. දැයට කිරුළ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම
    අමාත්‍යාංශය හා එකී නියෝජිතායතන බුත්තල පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගි වූහ. පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වැඩසටහන සම්බන්ධීකරණයකළේ ප්‍රවර්ධන හා පරිසර අධ්‍යාපන අංශය විසිනි. බුත්තල දැයට කිරුළ වැඩසටහනෙහි "අඹ උළෙලක්" පවත්වන ලදී. මෙහිදී අඹ විශේෂ 30 ක්, කෙසෙල් විශේෂ 20 ක් හා වී විශේෂ 20 ක් ප්‍රදර්ශනය කරන ලදී.
     
  9. ලෝක පරිසර දිනය සැමරීම
    "වනාන්තර පරිසරය ඔබගේ සේවය සඳහා" යන තේමාව යටතේ 2011 ජුනි 05 වන දින ලෝක පරිසර දිනය සමරන ලදී. බොහෝ සංවිධාන හා සම්බන්ධව ප්‍රධාන ජාතික උත්සවය පින්නවල ජාතික පාසලේදී පවත්වන ලදී. මෙහිදී අදාළ අරමුණු ඉටු කරගැනීම සඳහා ප්‍රදර්ශනයක්, පාසල් සිසුන්ගේ පරිසර පා ගමනක්, රුක් රෝපණ ව්‍යාපාරයක් සහ තිරසාර සංවර්ධනයට කැපවණු පද්ගලයන් හා ආයතන සඳහා හරිත සම්මාන පිරිනැමීමක් ආදිය සිදු කරන ලදී.
     
  10. තෝරාගත් කණ්ඩායම් සඳහා පරිසරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

අංකය

තෝරාගත් කණ්ඩායම

මාතෘකා

ස්ථානය

දිනය

සහභාගි වූ සංඛ්‍යාව

01.

ගුරු වෘත්තිකයන් (ජීව විද්‍යා හා භූ‍ගෝල විද්‍යා)

  1. ජෛව විවිධත්වයේ අන්තර් සම්බන්ධතා
  2. වගුරුබිම් සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය
  3. මොන්ට්‍රියල් සම්මතිය හා ඕසෝන් ස්තරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම

ඇඹිලිපිටිය

08/07/2011

100

02.

වැඩසටහන් සහායකවරු සහ සංවර්ධන සහායකවරු

  1. ‍ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම
  2. පරිසර අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු වල භූමිකාව යටතේ සවර්ධනය සඳහා සැලසුම් කිරීමේදී පාරිසරික සාධන සැලකිල්ලට ගැනීම
  3. පාරිසරික බලපෑම ගණනය කිරීම

අනුරාධපුරය

28/08/2011

80

03.

ගුරු වෘත්තිකයන් (ජීව විද්‍යා හා භූගෝල විද්‍යා)

  1. පරිසර දූෂණය හා දේශගුණික විපර්යාස
  2. ජෛව විවිධත්වය සුරැකීම
  3. ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම

අනුරාධපුරය

28/10/2011

100

04.

පාසල් සිසුන් (අ.පො.ස.සා.පෙ/ උ.පෙ.)

  1. පරිසර ව්‍යාපෘතියක් යනු කුමක්ද?
  2. ජෛව විවිධත්වය සුරැකීම
  3. ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම

අනුරාධපුරය

04/11/2011

200

05.

රාජ්‍ය නිලධාරින්

  1. දේශගුණික විපර්යාස වලට හැඩගැසීම
  2. ආපදා කළමනාකරණය
  3. පාරිසරික බලපෑම් ඇගයීම

නිවිතිගල

25/11/2011

60

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 09:01