si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව ජාතික හරිත වාර්ථාකරණය
ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි තිරසර කාර්ය සාධනය වාර්තා කිරීම පිණිස වර්ෂ 2011 දී ජාතික හරිත වාර්තාකරන ක්‍රමවේදය ස්ථාපිත කරන ලදී.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි තිරසර කාර්ය සාධනය සන්නිවේදනය කිරීම සදහා ජාතික හරිත  වාර්තාකරණ ක්‍රමවේදය උපයෝගී කොට ගනී .

මෙම වැඩසටහනේ මුලික අරමුණ වනුයේ කර්මාන්ත හා සේවා සපයන්නන්ගේ තිරසර කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීමත් හා තිරසර කාර්ය සාධනය වාර්තා කිරීමේ ධාරිතා වර්ධනයයත්ය.ජාතික හරිත වාර්තාකරණය යටතේ මේ වන විට නිෂ්පාදන හා සේවා ආයතන 120ක් පමණ අනුගත වී ඇති අතර හරිත වාර්තා වාර්ෂිකව ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය යටතේ  පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය යටතේ හරිත වාර්තාකරුවන්ගේ  ධාරිතා වර්ධනය -

පසුබිම

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් 2011 දී ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය ආරම්භ කරන ලදී.මේ වනවිට මෙහි පුද්ගලික ආයතන 120ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඔව්න්ගේ වාර්තාකරණය වැඩිදියුණු කිරීම සදහා ධාරිතා වර්ධන වැඩසටහන් පැවැත්වීමට තීරණය විය. ඒ අනුව මෙම ධාරිතා වර්ධන වැඩසටහන් ජාතික හරිත වාර්තාකරන ක්‍රමවේදයේ ස්ථර 1 හා 2 හි ලියාපදිංචි ආයතනවලට පැවැත්වීමට තීරණය විය.

ඒ අනුව

  • ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයහි ස්ථර 2හි ආයතනවල නිලධාරින් දෙදෙනෙකු සදහා ධාරිතා වර්ධන වැඩසටහන් දෙකක් පවත්වන ලදී.
  • ස්ථර පහේම සිටිනා හරිත වාර්තාකරුවන්ගේ ධාරිතා  වර්ධන වැඩසටහන්  පැවැත්වීම සඳහා පුහුණු මොඩියුල ඇති  කරන ලදී.
  • ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදයේ වාර්තාකරණය සදහා ලුහුඩු මාර්ගෝපදේශයක් සකස් කිරීම   
අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 04 වෙනි සදුදා, 12:58