si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව All News ජාතික ජෛව සුරක්ෂිතතා මුලාකෘතිය ක්‍රියාවට නැංවිමේ ව්‍යාපෘතියේ මුලික වැඩමුළුව
ජාතික ජෛව සුරක්ෂිතතා මුලාකෘතිය ක්‍රියාවට නැංවිමේ ව්‍යාපෘතියේ මුලික වැඩමුළුව

“ ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ කාටිජිනා සම්මුතියට අනුගතව ක්‍රියාවට නංවන ජාතික ජෛව සුරක්ෂිතතා මුලාකෘතිය ක්‍රියාවට නැංවිමේ ව්‍යාපෘතිය” ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියකි.

 මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණු , ක්‍රියාවට නැංවීමේදි ඇතිවිය හැකි ගැටළු පිළිබඳව ඉදිරිපත් කිරීම හා සාකච්ජාවට ගනිමින් ඒ පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරවීමේ අරමුණින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් 2015 මැයි 19 වන දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී වැඩමුළුවක් පවත්වන ලදි.ජාන විකරණය කළ ජිවීන් මගින් ජෛව විවිධත්වයට හා මානව සෞඛ්‍යට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය මුලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ.මෙහිදී දැනුවත් කිරීම්,විද්‍යාගාර වැඩිදියුණු කිරීම්( ජාන විකරණය කළ ජීවීන් හඳුනාගැනීමට අවශ්‍ය) ආදිය සිදුකිරීමට යෝජිතය.

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 12 වෙනි බදාදා, 11:03