si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව All News ජාතික ජෛව විවිධත්ව දින සැමරුම - 2015.05.22
ජාතික ජෛව විවිධත්ව දින සැමරුම - 2015.05.22

අන්තර්ජාතික ජෛව විවිධත්ව දින සැමරුම සෑම වසරකම මැයි මස 22 වන දිනට යෙදී ඇත.ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍ය ආයතනය ලෙසින් පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය 2015 මැයි 22 වන දින ජෛව විවිධත්ව දින සැමරුම උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

මෙවර ජාතික ජෛව විවිධත්ව දින තේමාව “තිරසාර සංවර්ධනය උදෙසා ජෛව විවිධත්වය”(Biodiversity for Sustainable Development) යන්නයි. මෙම තේමාව මුල් කරගනිමින් වස විසෙන් තොර ආහාර රටාවකට ජනතාවට හුරුකරවීම උදෙසා අප ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන “ මානව පෝෂණය හා යහපැවැත්ම සඳහා ජෛව විවිධත්වය යොදා ගැනීම” (Biodiversity for Human Nutrition and Wellbeing Project) යන ව්‍යාපෘතිය මගින් බත්තරමුල්ල පරිසර රාජ්‍ය අමාත්‍යාංශ යාබද පරිශ්‍රයේ පිහිටි හෙළ බොජුන් හල උත්සවාකාරයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. ඊට සමගාමීව රාජ්‍ය ආයතන නිලධාරීන් සඳහා “ජෛව විවිධත්වය හා සංවර්ධනය” පිළිබඳ ආරාධිත දේශනයක් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ද “මානව පෝෂණය හා ජෛව විවිධත්වය” පිළිබඳ දේශනයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතා විසින් පවත්වනු ලැබීය.

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 12 වෙනි බදාදා, 11:10