si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව All News පරිසර පද්ධති ප්‍රවේශය පිළිබඳ පුහුණු වැඩමුළුව
පරිසර පද්ධති ප්‍රවේශය පිළිබඳ පුහුණු වැඩමුළුව

ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය මගින් ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් නිර්ණය කිරීම,පද්ධති තුලට ප්‍රවේශය වලක්වාලීම, පැතිරීම පාලනය , උපාය මාර්ගික ක්‍රමවේද සැලසුම්කරණය සිදුකිරීම වැදගත්වේ.

 මෙම ව්‍යාපෘති කාර්යය මණ්ඩලය, මෙරට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කාර්යය මණ්ඩලය සහ විශේෂිත පුහුණු පාර්ශවකරුවන් දැනුවත් කිරීම උදෙසා පරිසර පද්ධති ප්‍රවේශයේ මුලධර්ම පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට ජාත්‍යන්තර විද්වතකු වන Judy Fischer ‍මහත්මියගේ ප්‍රධානත්වයෙන් එක් දින වැඩමුළුවක් 2015 මැයි 18 වන දින ශ්‍රි ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ දී පවත්වනු ලැබීය.

 

ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය නව වැඩ සැලැස්ම සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ සම්පිණ්ඩන වැඩමුළුව


පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන “ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් හඳුන්වාදීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතියේ 2015 ජුලි සිට 2017 මාර්තු දක්වා වන වැඩ සැලැස්ම සැකසීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් අදහස් ලබාගැනීම උදෙසා දෙදින නේවාසික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රි ලංකාවේ පැතිරි ඇති ආගන්තුක ආක්‍රමණික ජීවීන් පැතිරිම පාලනය කිරීම සඳහා ආයතනික වශයෙන් සමෝධානික යාන්ත්‍රණයක් සැකසීම සහ ආගන්තුක ආක්‍රමණික ජීවීන් පැතිරිම පාලනය සඳහා වන එලදායි මුල්‍ය යාන්ත්‍රණයන් ඇති කිරීම සඳහා ක්‍රමවේදයන් සැකසීමට අදහස් කරන බැවින් ඒ සඳහා පාර්ශවකරුවන්ගේ අදහස් ලබාගැනීමට මෙහිදී හැකිවිය.

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 12 වෙනි බදාදා, 11:14