si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News ජාතික රතු දත්ත පොත යාවත්කාලීන කිරිමේ මුලික වැඩමුළුව (RED LIST- 2016)
ජාතික රතු දත්ත පොත යාවත්කාලීන කිරිමේ මුලික වැඩමුළුව (RED LIST- 2016)

ශ්‍රි ලංකාව ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙසින් ජෛව විවිධත්වය සංරක්ෂණය හා තිරසර භාවිතයට අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැඳි සිටියි.එහි එක් පියවරක් ලෙසින් පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් 2012 වසර සඳහා ශ්‍රි ලංකාවේ ශාක හා සත්ත්ව විවිධත්වය,

 ඔවුන්ගේ සංරක්ෂණ තත්ත්වයන් පෙන්නුම් කරන ජාතික රතු දත්ත ලේඛනය යාවත්කාලීන කරන ලද අතර මේ සඳහා ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ පර්යේෂකයින් ,විද්වතුන්ගේ සහය ලබාගනියි. වසර හතරකට වරක් මෙම ලේඛනය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති අතර 2016 වසර සඳහා ජාතික රතු දත්ත ලේඛනය යාවත්කාලීන කිරීම සඳහා දත්ත එක්රැස් කිරීම මේ දිනවල සිදුවන අතර ශාක හා සතුන් පිළිබඳ පර්යේෂකයින් විද්‍යාඥයින්ගේ මාර්ගෝපදේශකත්වය හා පර්යේෂණ තොරතුරු ලබාගැනීමේ අරමුණින් 2015 ජුනි 16 වන එක්දින මුලික වැඩමුළුවක් ශ්‍රි ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ දී පවත්වනු ලැබිය. ශාක හා සතුන් පිළිබඳව අධ්‍යනය සිදුකරනු ලබන විශ්ව විද්‍යාල පරිසර සංගම් හි සේවයේ නියුතු පාර්ශවකරුවන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි විද්වතුන් 100 ක සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.

alt

alt

alt

alt

alt

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 19 වෙනි බදාදා, 11:06