si_uni  ta_uni
TamilEnglish
SWITCH – Asia තිරසර පරිභෝජන හා නිෂ්පාදන පිළිබද ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය මගින් පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ තිරසර සංවර්ධන අංශයේ ඉල්ලීම මත ප්‍රදානය කරනු ලැබූ ව්‍යාපෘතියකි.මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, පාර්ශවකරුවන් සහ මහජනතාවගේ දැනුම සහ ධාරිතාව වර්ධනය කිරීමේ වසර 4 ක පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි.

 

මේ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මේ සදහා ව්‍යාපෘති විශේෂඥ කණ්ඩායමක් පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන අංශය  කේන්ද්‍රස්ථානය කරගනිමින් 2015 ජනවාරි මස 26 වන දින සිට ව්‍යාපෘති මෙහෙයුම් ආරම්භ කරන ලදී.ව්‍යාපෘතියේ ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය සදහා ව්‍යපෘති මෙහෙයුම් කමිටුව ස්ථාපිත කිරීම සහ ජාතික පාර්ශවකරුවන්ගේ රැස්වීමක් 2015 මාර්තු මස 23 වන දින පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය පාලනය කරනු ලබන්නේ ප්‍රධාන අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන වලින් සැදුම් ලත් සහ පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මලාදිවයින් නියෝජිත ප්‍රධානි සැම සභාපතීත්වය දරණ  ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවක් මගිනි.

මෙම ව්‍යාපෘතිය යටතේ පහත සදහන් ක්‍රියාකාරකම් 2015 වසරේ සිදු කරන ලදී.

  • ව්‍යාපෘතිය නිල වශයෙන් 2015 අප්‍රේල් මස 09 වන දින දියත් කරන ලදී.
  • මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ඇතුළු පාර්ශවකරුවන් සමග රැස්වීම් රැසක් පවත්වන ලදී .
  • පාර්ශවකරුවන් 200ක් පමණ හදුනාගන්නා ලදී.
  • උපදේශනය සදහා අන්තර්ආයතන විද්වත් කමිටුවක් පත්කරගන්නා  ලදී.
  • ප්‍රථම මෙහෙයුම් කමිටු රැස්වීම 2015 මැයි මස 06 වන දින පවත්වන ලදී.
  • දෙවෙනි මෙහෙයුම් කමිටු රැස්වීම 2015 දෙසැම්බර් මස 17 වන දින පවත්වන ලදී.
  • තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සම්බන්ධ ප්‍රතිපත්ති 46ක් සමාලෝචනය කරන ලදී.
  • තිරසර පරිභෝජනය හා නිෂ්පාදන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා අංශයන් ලෙස කිරි,තේ සහ සහල් නිෂ්පාදන ක්ෂේත්‍ර හදුනාගන්නා ලදී.
  • ප්‍රතිපත්ති රාමුව,ප්‍රතිපත්ති ක්‍රමවේදය,ප්‍රතිපත්ති තෝරාගැනීම උපාංග ආදිය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරීන්ගේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවකදී සකස් කරන ලදී.
  • ප්‍රතිපත්ති පරිශෝධනය හා මුලික අධ්‍යනයන් සදහා උපදේශකවරුන් බදවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීම
  • ව්‍යාපෘති විද්වත් කමිටුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන්වලදී ඔවුන්ගේ දායකත්වය ලබා දීම
  • තිරසර පරිබෝජනය හා නිෂ්පාදනය පිළිබද පශ්චාත් උපාධි වැඩසටහන් හදුනා ගැනීම

            ප්‍රතිපත්ති පරිශෝධන කණ්ඩායම් ක්‍රියාකාරකම්                           අහාර පාන අංශයෙහි උප අංශයන් තෝරා ගැනීම

අවසන් යාවත්කාලීන කිරීම 2015 දෙසැම්බර් 21 වෙනි සදුදා, 15:24