si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව ශ්‍රී ලංකාවේ හරිත ගිණුම් යාන්ත්‍රණයක් පිහිටුවීම
හරිත ගිණුම්කරණය

හරිත ගිණුම්කරණය යනු කුමක්ද?

දැනට පවතින ක්‍රමවේදය අනුව ජාතික ආර්ථිකයට ස්වභාවික පරිසරයෙන් ලැබෙන දායකත්වය සහ ආර්ථික ක්‍රියාවලි නිසා පරිසරයට සිදු වන හානිය නිසා සිදුවන පාඩුව දල දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී නොසලකා හැරේ.මෙම කරුණ නිසා  ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී පරිසරය ආශ්‍රිත කරුණු නොසලකා හැරීමට ලක්ව ඇති අතර ඒ නිසා ස්වභාවික සම්පත් හායනයකට ලක්ව ඇත.ස්වභාවික සම්පත් තුලින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය ගණනය කිරීම සහ එය දළ දේශීය නිෂ්පාදනයට ඇතුලත් කිරීමේ අරමුණින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් හරිත ගිණුම්කරණ ක්‍රමවේදය ආරම්භ කරන ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික ගිණුම්කරණය  තුලට පූර්ණ ආර්ථික අගය යන සංකල්පය යටතේ පාරිසරික දායකත්වය ඇතුලත් කිරීමට යෝජනා කරන ලදී

හරිත ගිණුම්කරණය යටතේ පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

            I.වන ක්ෂේත්‍රයේ තක්සේරු අධ්‍යයනය සම්පූර්ණ කරන ලදී

මෙහි පළමු පියවර ලෙස වසර 2010 දී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ජාතික ආර්ථිකයට වන ක්ෂේත්‍රයෙන් ඇති වන දායකත්වය ගණනය කිරීම ආරම්භ කරන ලදී.මෙහි ප්‍රධාන අරමුණ වුයේ වන ක්ෂේත්‍රයේ පූර්ණ ආර්ථික අගය ගණනය කිරීම සහ එම අගයන් ජාතික ගිණුම් වලට ඇතුලත් කිරීමේ ක්‍රියා පටිපාටියක් සැකසීමයි.මේ අනුව ශ්‍රී ලංකාවේ වන ක්ෂේත්‍රයේ පූර්ණ ආර්ථික අගය රු මිලියන 236,802 ලෙස ගණනය කොට ඇත.

            II. එක් එක් ක්ෂේත්‍රයන් සදහා ක්‍රියාකාරී කණ්ඩායම් ස්ථාපිත කිරීම

ජලය,ධීවර, ඉඩම්, ඛනිජ සහ කසල යන ක්ෂේත්‍ර පහ සදහා ක්‍රියාකරී කණ්ඩායම් ස්ථාපිත කරන ලදී.

ජල ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම 2014.08.26 වන දින පවත්වන ලද අතර ධීවර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම 2014.11.11 දින පවත්වන ලදී.ඉඩම් ක්ෂේත්‍රය සදහා වු ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම 2015 අප්‍රේල් මස 07 වන දින පවත්වන ලද අතර ඛනිජ ක්ෂේත්‍රය සදහා වු ක්‍රියාකාරී කමිටු රැස්වීම 2015 මැයි මස 26, සැප්තැම්බර් මස 03, ඔක්තෝම්බර් මස 01 සහ නොවැම්බර් මස 20  යන  දිනයන්හිදී  පවත්වන ලදී.ධීවර ක්ෂේත්‍රය සදහා වූ ක්‍රියාකාරී කමිටු රැස්වීම දෙසැම්බර් මස 12 වන දින පවත්වන ලදී.

            III.හරිත ගිණුම්කරණය පිළිබද දැනුවත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය

වන ක්ෂේත්‍රයේ තක්සේරු අධ්‍යනය සහ හරිත ගිණුම්කරණය කරුණු ඇතුලත් දැනුවත් කිරීමේ පත්‍රිකා 3000 ක් මුද්‍රණය කරන ලදී.

          IV. හරිත ගිණුම්කරණය පිළිබද ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම         

හරිත ගිණුම්කරණය පිළිබද ධාරිතා වර්ධන වැඩසටහනක් 2015 ජූලි මස 28 වන දින පවත්වන ලදී.

            V. හරිත ගිණුම්කරණය පිලිබදව  ප්‍රතිපත්ති ලුහුඩුවක්  සකස් කිරීම

හරිත ගිණුම්කරණය පිළිබද ප්‍රතිපත්ති ලුහුඩුව  ඇතුලත් පත්‍රිකා 2000 ක් මුද්‍රණය කරන ලදී.

හරිත ගිණුම්කරණය පිළිබද ප්‍රතිපත්ති ලුහුඩුව

අවසන් යාවත්කාලීන කිරීම 2016 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 12:54