si_uni  ta_uni
TamilEnglish
ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ සැදීම

ශ්‍රී ලංකාවේ 2006 සිට දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී පාරිසරික බලපෑම සැලකිල්ලට නොගනී.හරිත ප්‍රසම්පාදනය යනු රජයේ භාණ්ඩ ප්‍රසම්පාදනයේදී එහි ජීවන චක්‍රය පුර ඇතිවන පාරිසරික බලපෑම සැලකිල්ලට ගනිමින් කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වේ.

රජයක් මගින් හරිත ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම මගින් ආර්ථිකය හා සමාජය තිරසර පරිභෝජන හා නිෂ්පාදන රටාවකට හුරු වන අතර දිගු කාලීනව සැපයුම් දාම හරිතකරණය මගින් හරිත ආර්ථිකයක් කරා යා හැක.

හරිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සදහා කැබිනට් අනුමැතිය 2012 වසරේදී ලැබුණු අතර එහිදී විශේෂයෙන් දේශීය නිෂ්පාදන සදහා ප්‍රමුඛ ස්ථානයක් සැපයීමටද තීරණය වුනි.මේ අනුව තිරසර සංවර්ධන අංශය විසින් 2015 වසරේදී අදාල පාර්ශවකරුවන් හා සම්බන්ධීකරණයෙන් හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්ති මුලික කෙටුම්පතක් සකස් කරන ලදී. මෙම මුලික කෙටුම්පත අදාල පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම් වල අදහස් අනුව ප්‍රධාන තේමා අංශ  නවයක් යටතේ වැඩි දුරටත් දියුණු කරන ලදී.

හරිත ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තත්ත්ව විශ්ලේෂණ වැඩමුළු දෙකක් 25.02.2015, 23.03.2015 සහ 23.05.2015 යන දිනයන්හිදී ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී.එමෙන්ම කෙටුම්පත තවදුරත් වැඩි දියුණු කිරීම සදහා රැස්වීමක් රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව සමග 23.05.2015 දින පවත්වන ලදී.මේ අනුව ප්‍රතිපත්ති ඉලක්ක, ප්‍රතිපත්ති අරමුණු, මාර්ගෝපදේශ මුලධර්ම සහ උපායමාර්ගයන් ඇතුලත් කර හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය තිරසර සංවර්ධන අංශය විසින් වැඩි දුරටත් දියුණු කරන ලදී.

altalt

හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සැදීමට සංවිධානය කරන ලද වැඩමුළු